උතුරු කොරියාව රොකට් විදින මධ්‍යස්ථානයකට පණ දෙයි…!

0
610
- Advertisement -

උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන් උන් සහ ඇමරිකානු ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡුා අවසන් එකගතාවයකට ඒමෙන් තොරව අවසන් විය. උතුරු කොරියාව සම්පූර්ණයෙපන්ම න්‍යෂ්ඨික අවි අත්හදා බැලීම් වලින් ඉවත් විය යුතු බව ඇමරිකානු පාර්ශ්වයේ ඉල්ලීම විය. ඊට එකඟ වීමට නම්, තම රටට එරෙහිව පනවා ඇති ආර්ථික සම්බාධක ඉවත් කළ යුතු බව උතුරු කොරියාවේ ඉල්ලීම විය. මේ කරුණු දෙක සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට නොහැකිව සාකච්ඡුා අවසන් විය. සාකච්ඡ අවසන් කර උතුරු කොරියානු නායකයා සිය රටට පැමිණ දින දෙකක් ගතවීමටත් මත්තෙන්, අත් හැර දමන ලද රොකට් විදින මධ්‍යස්ථානයක [rocket launch site] වැඩ යළි අරඹා ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් අදාල මධ්‍යස්ථානය, මිසයිල විදීම් අත්හදා බැලීම සදහා උතුරු කොරියාව මෙතෙක් භාවිතා කර නැති බව වාර්තා වේ.