උණුසුම තියාගන්න ගෝඨාභය නම් කෙරේ.

0
873
- Advertisement -
Share

උණුසුම තියාගන්න ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කෙරේ, වෙනස් අයෙකු ඉදිරිපත් කිරිමටත් තීරණය කර ඇත. එහිදී ගෝඨාභය රාජපක්ෂට ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමට නොහැකි වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා අමෙරිකානු රජය අතර සිදුවූ කුමන්ත්‍රණයකින් සිදුවූවක් බවට ප්‍රචාරක ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමටද තීරණය කර ඇත.

මෙම සැලසුමට අනුව අගෝස්තු 11 වැනිදා ගෝඨාභය රාජපක්ෂගේ නම ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් පසු ඔහු අගෝස්තු 13 වැනිදා ශ්‍රී මහා බෝධීය වැද පුදාගැනීමෙන් ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට නියමිතය. ඉන්පසු එදිනම මහනුවරට පැමිණ මල්වතු හා අස්ගිරි මහානාහිමිවරුන් බැහැ දැකීමට නියමිත අතර ඒ සදහා දැනටමත් දින වෙන් කරගෙන ඇත.

එමෙන්ම එදින මහනුවර නගරයේ පිළිගැනීම් ඇතුළු උත්සව පැවැත්වීමටද කටයුතු සූදානම් කර ඇත. තවද පුවත්පත් දැන්වීම් ඇතුළු වෙනත් ප්‍රචාරක කටයුතු එම දිනය නිමිත්තෙන් සිදු කිරීමටද නියමිතය.

වාර්තා වන විදිහට ගෝඨාභය රාජපක්ෂගේ නම ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කළ පුද්ගලයන්ගේ නම් ඇතුළත් දෙවැනි කාර්තු වාර්තාවටද ඇතුළත් නැති බවය. එය මහජනයාට බලා ගැනීම සදහා තවම නිල වශයෙන් එය මහජනයට බලා ගැනීම සදහා තවම නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. එහෙත් එය ඉදිරි දිනවලදී ප්‍රකාශයට පත් වීමට නියමිතය.

එහි තුන්වන කාර්තුවට අදාළ වාර්තාව නොවැම්බර් මාසයේදී ප්‍රකාශයට පත්වීමට ඉඩ ඇති අතර ඒ වන විට ජනාධිපතිවරණය සදහා නාමයෝජනා බාරගැනීම අවසන් වී පවතිනු ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව අපරාධ සම්බන්ධයෙන් ඇමේරිකාවේ කර ඇති පැමිණිලිවල විමර්ශනද අවසන් වනතෙක් ඔහුගේ පුරවැසිභාවය අත් හැරීම සම්බන්ධයෙන් ඇමෙරිකාව පියවරක් නොගන්නා බවද එය සාමාන්‍ය ක්‍රමවේදය බවද ඇමෙරිකාවට සම්බන්ධ අපගේ ආරංචි මාර්ග සදහන් කරයි.

උපුටා ගැනිම අනිද්දා පුවත් පත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen − four =