උඩරට එළවළු ඊයේත් නෑ අර්බුදයක පෙරමග සළකුණු

0
72
- Advertisement -

පසුගිය සති කිහිපය පුරාම මෝදු වෙමින් තිබූ එළවළු හි`ගය තවදුරටත් උත්සන්න වෙමින් ඊයේ වනවිට එය උග‍්‍ර තලයකට පැමිණ තිබේ. මේ අනුව මාලූ මිරිස් කිලෝග‍්‍රැමයක මිළ රුපියල් 500ක් දක්වාත්, කැරට් කිලෝග‍්‍රෑමයක මිළ රුපියල් 450ක් දක්වාත් ඉහළ ගොස් ඇත.

නුවරඑළිය ගොවීන් තම නිෂ්පාදන ආර්ථික මධ්‍යස්ථනය වෙත ලබාදීම අත්හිටුවන ලද්දේ නොබෝදාය.

මේ අනුව එය ඍජුවම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට බලපෑම් කරන ලදී. ඒ අනුව උඩරටින් පැමිණෙන එළවළුවල මිළ අධික ලෙස ඉහළ ගියේය.

එසේම මේ වනවිට යාපනයෙන් ලැබෙන එළවළු හා පළතුරුවලද හිඟයක් දැකිය හැකිය. සමස්තයක් වශයෙන් ගත් කළ මෙය මේ වනවිට රට පුරාම පැතිර ඇති තත්ත්වයකි.

සාමාන්‍යයෙන් කටුගස්තොට, මැණික්කුඹුර ආර්ථික මධ්‍යස්ථානයට දෛනිකව එළවලූ කිලෝ ග‍්‍රෑම් ලක්ෂ 10-15ත් අතර ප‍්‍රමාණයක් ලැබතත් එය මේ වනවිට කිලෝග‍්‍රෑම් ලක්ෂයක් දක්වා පහත වැටී තිබේ.

මෙවැනි තත්ත්වයක් මත එළවළු නොදුරේදීම තව තවත් අධික ලෙස ඉහළ යා හැකි බව ආර්ථික මධ්‍යස්ථාන වාර්තා පෙන්වා දෙයි.
දැනට පවතින එළවළු මිළ පාරිභෝගිකයාට කිසිම ලෙසකින් හෝ දරාගත නොහැකි තත්ත්වයක් පැමිණ තිබේ.

සමස්ත එළවළු අලෙවියෙන් 25%ක්ම මේ වනවිට අඩු වී තිබේ. එමගින් පෙන්නුම් වන්නේ එළවළු පරිභෝජනයෙන් පාරිභෝගිකයන් ක‍්‍රමයෙන් ඈත් වෙමින් සිටින බවය.
එළවළු හි`ගයට දැවැන්තම කාරණය වූයේ පොහොර හා කෘෂි රසායන පිළිබඳව ආණ්ඩුව එක්වරම අනුගමනය කළ ප‍්‍රතිපත්තියි.

කාබනික පොහොර ඉතාම යහපත් භාවිතයක් බව බහුතරයක් කෘෂි විශේෂඥයෝ අවිවාදයෙන් පිලිගන්නා කරුණකි. එහෙත් දීර්ඝ කාලයක් පුරා රසායනික පොහොර භාවිතයට ඇබ්බැහි වී සිටි ගොවි ජනතාව එක්වරම එයින් ඈත් කිරීම පහසු කටයුත්තක් නොවේ. එසේම මේ වනවිට වගා බිම්ද රසායනික පොහොර සඳහා හුරු වී තිබේ. එසේම ලංකාවේ කෘෂි රසායන හා පොහොර ඉතාම තදින් අවභාවිතා වන බව වසර ගණනක පටන්ම කෘෂි විද්‍යාඥයන් පෙන්වා දුන් කරුණකි.

මේ සියල්ල හමුවේ ගොවියාත්, කෘෂිකර්මාන්තයත් ආරක්ෂා වන පරිද්දෙන් ඒ සඳහා ක්‍රමානුකූල වැඩපිලිවෙලක් අවශ බව සත්‍යයකි. නමුත් එය එකවර කළ හැක්කක් නොවන බව මේ වනවිට පැහැදිලිය.

පොහොර අර්බුදය එලෙසින් කෘෂිකර්මාන්තයට බලපෑම් කරද්දි පසුගිය දින කිහිපයේ ඇද හැලූන ධාරානිපාත වර්ෂාවද ඉතාම අයහපත් ලෙස වගාවන් පාලූ කරන්නට සමත් විය. මේ නිසා එළවළු ගොවීන් මේ වනවිට සිටින්නේ දැඩි අවදානාත්මක තත්ත්වයකය. මේ තත්ත්වය දිගින් දිගටම පැවතුනහොත් එය ගොවියන්ට පමණක් නොව, පාරිභෝගිකයන්ටද විශාල ගැටළුවක් වනු ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty − fourteen =