“ඊයේ, සැකකටයුතු ලෙස මාධ්‍යවේදියෙක් මිය ගිහින්. අද, කැපුම් කෙටුම් සහිත මළ සිරුරක් පාර්ලිමේන්තුව ආසන්නයෙන් හමු වෙලා. මොනවද මේ වෙන්නේ..?” නලින් බණ්ඩාර අසයි.

0
197
- Advertisement -

ඊයේ, සැකකටයුතු ලෙස මාධ්‍යවේදියෙක් මිය ගිහින්.
අද , කැපුම් කෙටුම් සහිත මළ සිරුරක් පාර්ලිමේන්තුව ආසන්නයෙන් හමු වෙලා.
මොනවද මේ වෙන්නේ..?නලින් බණ්ඩාර අසයි.

ඊයේ දිනයේ දී සැකකටයුතු ආකාරයට මාධ්‍යවේදියෙකු මියගොස් සිටියදී හමු වී ඇති බවත්, අද දිනයේ දී කැපුම් කෙටුම් තුවාල සහිත මළසිරුරක් පාර්ලිමේන්තු පාරේ තිබී හමු වී ඇති බවත්, සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසයි.

මෙම ඝාතන සම්බන්ධයෙන් තමන් රජයට චෝදනා නොකරන බව පවසන මන්ත්‍රීවරයා, නමුත් මේ පිළිබදව සොයා බැලීමේ වගකීම රජය සතු බවද පවසයි.

අද පෙරවරුවේ පාර්ලිමේන්තු සැසිවාරය අතරතුරේ දී මන්ත්‍රීවරයා මෙම කරුණු ඉදිරිපත් කරන ලදී.