ඊයේ මැච් එකේ මඟ හැරුණු ප‍්‍රවෘත්තියක්…!

0
820
- Advertisement -
Share

2019 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ එංගලන්තය සහ නවසීලන්තය අතර ඊයේ පැවති තරඟය අතර තුරේ කාන්තාවක් පිටිය මැද්දට කඩා පනින්නට උත්සාහ කළා ය.

කෙසේ වෙතත් ඇගේ එම උත්සාහය අසාර්ථක කරමින්, ආරක්ෂකයන් විසින් ඈ වළක්වන ලදී. එලේනා වලිට්ස්කි නම් වන අදාල කාන්තාව, 47 හැවිරිදි වියේ පසුවෙයි. මීට පෙර, චැම්පියන් ලීග් අවසන් මහා තරඟය අතර තුරේ ඇගේ පුතාගේ පෙම්වතිය කී‍්‍රඩාංගනය මැද්දට කඩා වැදී තිබුණු අතර, සාමාජ මාධ්‍ය වල එම සිදුවීමට මහත් ප‍්‍රසිද්ධියක් ලැබී තිබුණි.

එලේනා වලිට්ස්කි උත්සාහ කර තිබුණේ ඇගේ පුතාගේ පෙම්වතියට හිමි වුණු ජනප‍්‍රියත්වය තරමේ ජනප‍්‍රියත්වයක් ඇයටත් ලබා ගැනීමටයි. කෙසේ නමුත් ඇගේ උත්සාහය ව්‍යර්ථ විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 − three =