ඊයේ දිනයට පමණක් ආසාදිතයන් 309 ක් වාර්තා වේ.
ඊයේ දිනයේ දී කොරෝනා ආසාදිතයන් 309 දෙනෙකු අළුතින් වාර්තා වී තිබේ.
ඒ අතරින් 188 දෙනෙකු පෑලියගොඩ මාළු වෙළද පොළෙන් හමු වී ඇති අතර, තවත් ආසාදිතයන් දෙදෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වී තිබේ. තවත් ආසාදිතයන් 97 දෙනෙකු සමීපතමයන් වන අතර, ආසාදිතයන් 22 ක් කටුනායකින් වාර්තා වී තිබේ.
මේ වන විට ප්‍රතිකාර ලබමින් පසුවන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2712 කි.