ඊයේ දිනයට ආසාදිතයන් 15 ක්. මෙරටින් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 3000 ඉක්මවා යයි.

0
133
- Advertisement -
Share

ඊයේ දිනයට ආසාදිතයන් 15 ක්.
මෙරටින් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 3000 ඉක්මවා යයි.

ඊයේ දිනයේ දී, කොරෝනා වෛරසය ආසාදනය වූවන් 15 දෙනෙකු හමුවීමත් සමග, මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 3010 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනයේ දී වාර්තා වූ ආසාදිතයන් පහළොස් දෙනාම, විදෙස්ගතව සිට මෙරටට පැමිණි අය වේ.

ඔවුන්ගෙන් 12 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි අය වන අතර, තිදෙනෙකු මාලදිවයිනේ සිට පැමිණි අයයි.

කෙසේ වෙතත්, කොරෝනා ආසාදිතයන් ලෙස දැනට ප්‍රතිකාර ලබමින් පසුවන්නේ 138 දෙනෙකු පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen + thirteen =