ඊයේ දිනයට අළුතින් ආසාදිතයන් 43 ක් වාර්තා වේ.
ඊයේ දිනය තුළ, කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 43 දෙනෙකු මෙරටින් වාර්තා වී තිබේ.
ඒ අනුව, මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයන්ගේ සංඛ්‍යාව 201 දක්වා ඉහළ යයි.
ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයන්ගෙන් 26 ක් කටාර් සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් ය.
ඉන්දියාවෙන් සිට පැමිණි තිදෙනෙක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි එක් අයෙක්, මාලදිවයිනේ සිට පැමිණි 6ක්, කුවේටයේ සිට පැමිණි හයක් සහ ඉන්දියාවේ සිට පැමිණි එක් ඉන්දියානු ජාතිකයෙකු ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයන් ගණනට ඇතුළත් ය.