ඊයේ ඇති වූ ගැටුම්වලින් චීන හමුදා; ඉන්දීය හමුදාවේ තිදෙනෙක් ඝාතනය කරයි.

0
650
- Advertisement -
Share

ඊයේ ඇති වූ ගැටුම්වලින් චීන හමුදා – ඉන්දීය හමුදාවේ තිදෙනෙක් ඝාතනය කරයි.

කාශ්මීරයේ ලඩාක් දේශ සීමාවේ දී, චීන හමුදා සමඟ ඇති වූ ගැටුම්වලින්, ඉන්දීය හමුදා නිළධාරියෙකු සහ සොල්දාදුවන් දෙදෙනෙක් මියගොස් ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.

ඉන්දීය හමුදා, පසුගිය සදුදා දිනයේ අවස්ථා කිහිපයකදීම දේශසීමා උල්ලංඝණය කරමින්, චීන හමුදා භට ඛණ්ඩ ප්‍රකෝපවන ආකාරයෙන් හැසිරී ඇති බව ඉන්දීය විදේශකටයුතු අමාත්‍යංශය පවසයි.

කෙසේ වෙතත්, තත්ත්වය පිළිබදව සාකච්ඡා කිරීමට දෙපාර්ශ්වයම සූදානමින් සිටින බවයි වාර්තා වන්නේ.

ලඩාක් හී ගල්වාන් නිම්නයට, චීනය; දහස් ගණනින් හමුදා භට පිරිස් යොමු කර ඇති බවත්, ඉන්දියාවට අයත් භූමියෙන් වර්ග කිලෝමීටර් 38,000 ක පමණ ප්‍රමාණයක් අත්පත්කරගෙන ඇති බවත් ඉන්දියාව චෝදනා කරයි.

චීන හමුදා සහ ඉන්දීය හමුදා අතර කිසිදු වෙඩි හුවමාරුවක් දශක හතරකින් වාර්තා නොවූ අතර, ඊයේ දිනයේ දී ද වෙඩි තැබීමක් සිදු වී නැත. චීන හමුදාව විසින් ඉන්දීය හමුදා නිළධාරියා ඇතුළු තිදෙනා මරා දමා ඇත්තේ පහරදීමෙන් බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nine − three =