ඉල්ලා අස් වූ මුස්ලිම් ඇමතිවරු යළි තනතුරු භාර ගනිති.

0
253
- Advertisement -

පාස්කු ප‍්‍රහාරයෙන් පසුව ඇතැම් මුස්ලිම් දේශපාලන නායකයන්ට එරෙහිව එල්ල කරන ලද චෝදනා අපක්ෂපාතීව විමර්ෂනය කිරීමට අවස්ථාව සලසා දෙමින්, පසුගිය ජූනි මාසයේ දී ආණ්ඩුව නියෝජනය කළ සියළු මුස්ලිම් අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු ඔවුන් දැරූ තනතුරු වලින් ඉල්ලා අස් විය.

මේ අතර, බදියුදීන් අමාත්‍යවරයා පිළිබඳව පරීක්ෂණ පැවැත් වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාධ්‍යයට වාර්තා කළේ, අදාල අමාත්‍යවරයා ත‍්‍රස්තවාදීන්ට උදව් කළ බවට හෝ ත‍්‍රස්තවාදීන් සමඟ සම්බන්ධ බවට හෝ කිසිදු සාක්ෂියක් තමන් සතුව නැති බවයි.

ඊට අමතරව, ත්‍රෛනිකායික මහා සංඝ රත්නයද ඉල්ලා අස් වූ මුස්ලිම් අමාත්‍යවරුන්ගෙන් ඔවුන් දැරූ තනතුරු යළි භාර ගන්නා ලෙස ඉල්ලා සිටියේ ය.

ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව ගෙන එන ලද විශ්වාස භංගය පරාජයට පත් වීමෙන් පසුව, ඉල්ලා අස් වූ මුස්ලිම් අමාත්‍යවරු යළිත් ඔවුන්ගේ තනතුරු භාර ගැනීමේ සූදානමක් ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී අමීර් අලී මහතා කියා තිබුණේ, යළි තනතුරු භාර ගැනීම සඳහා තමන් සූදානම් බවයි. ජනාධිපතිවරයා මේ වන විට එක්සත් රාජධානියේ පෞද්ගලික සංචාරයක නිතරව සිටින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා යළි දිවයිනට පැමිණීමෙන් පසුව, බදියුදීන් ද ඇතුළුව ඉල්ලා අස් වූ සියළු මුස්ලිම් අමාත්‍යවරු යළි දිවුරුම් දෙනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × one =