ඉරානය බි‍්‍රතාන්‍ය තෙල් නැවක් අත් අඩංගුවට ගනී.

0
186
- Advertisement -

ඉරාන හමුදා විසින් ගල්ෆ් මුහුදේ යාත‍්‍රා කරමින් තිබූ බි‍්‍රතාන්‍ය තෙල් නැවක් අත් අඩංගුවට ගෙන තිබේ. අදාල නැවත අන්තර්ජාතික සමුද්‍ර නීතිය උල්ලංඝණය කළ බවයි ඉරානය පවසන්නේ. කෙසේ වෙතත්, ඉරානය විසින් කරන ලද මෙම කි‍්‍රයාව පිළිබදව බරපතල ලෙස අවධානය යොමු කරන බව බි‍්‍රතාන්‍ය රජය පවසයි.

ඉරාන අත් අඩංගුවට පත් වූ තෙල් නැව අයත් සමාගම පවසා තිබුණේ, නැවේ කාර්ය මණ්ඩලය සමග පැවති සියළු සන්නිවේදන සම්බන්ධතා මේ වන විට බිදී ගොස් ඇති බවයි.

ඊට අමරතව බි‍්‍රතාන්‍යයට අයත් තවත් තෙල් නැවක් සිය ග‍්‍රහණයට ගැනීමට ඉරාන හමුදා උත්සාහ දරා තිබුණි. නමුත් අදාල නෞකාවට හානියක් වී නැති බව බි‍්‍රතාන්‍ය රජය පවසයි.

මීට පෙර බි‍්‍රතාන්‍ය හමුදාව විසින් ඉරානයට අයත් තෙල් නැවක් අත් අඩංගුවට ගෙන තිබුණු අතර, ඉරානය විසින් බි‍්‍රතාන්‍ය තෙල් නැවක් අත් අඩංගුවට ගෙන ඇත්තේ එකට එක කිරීමක් වශයෙන් බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 + 10 =