ඉරානය එක්ක ‘deal’ එකකට එන්න ඇමරිකාව ලෑස්තියි..!

0
728
- Advertisement -
Share

ඉරානය සහ ඇමරිකාව අතර ඇති වූ උණුසුම්සහගත වාතාවරණය සමහන් කර ගැනීමට, ගැටුමට සමබන්ධ වූ රටවල් දෙකටම උවමනා වී ඇති බව පෙනී යයි.

ඇමරිකාව විසින් ජෙනරාල් සුලෙයිමානි ඝාතනය කිරීමෙන් පසුව, ඉරානය, ඉරාකයේ පිහිටි ඇමරිකානු හමුදා කදවුරු කිහිපයකට ප‍්‍රහාර එල්ල කර අතර, ඒ සියළු ප‍්‍රහාර, හිතාමතාම කිසිදු ඇමරිකානුවෙකුට හානියක් නොවන ආකාරයට එල්ල කරන ලද ප‍්‍රහාර බවට විශ්වාස කරයි.

එමෙන්ම, ඇමරිකාවද, ඉරානය විසින් එල්ල කරන ලද එකී ප‍්‍රහාරයන්ට ප‍්‍රතිචාර දැක්වීමට යුද මය කි‍්‍රයාමාර්ග නොගැනීමට වගබලාගෙන තිබේ. ඔවුන් පවසන්නේ, තමන් ඉරානයට එරෙහිව ආර්ථික සම්බාධක පනවන බවයි.

ඊට අමතරව, කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව ඉරානය සමග ගැටුම් සම්බන්ධයෙන් සාකච්ඡ කිරීමට තමන් සූදානම් බවද ඇමරිකාව පවසා තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත කරුණු පැහැදිලි කරමින් ඇමරිකාව පවසා ඇත්තේ, ජෙනරල් සුලෙයිමානි ඝාතනය කිරීම, ආරක්ෂාව පතා අනුගමනය කළ කි‍්‍රයාමාර්ගයක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × two =