”ඉරානයයි ඇමරිකාවයි අවි අමෝරා නොගත්තා නම්; ගුවන් අනතුරෙන් කිසිවකු මිය යන්නේ නෑ !” කැනඩා අගමැති.

0
286
- Advertisement -
Share

යුක්රේන ගුවන් සේවයට අයත් බෝයින් 737 ගුවන් යානාව, මගීන් 176 දෙනෙකු සමග උඩු ගුවනේ දී පුපුරා ගියේ ය. ඒ, ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල ප‍්‍රහාරයක් හේතුවෙනි.

මිසයිල ප‍්‍රහාරය හිතා මතා එල්ල කළ එකක් නොවන බව ඉරානය කියා සිටියේ ය.

කෙසේ වෙතත්, කැනඩා අග‍්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ, ප‍්‍රහාරයේ වගකීම ඉරානයට පමණක් පවරා නොදෙයි. ඔහු පවසන්නේ, ඉරානය සහ ඇමරිකාව එකිනෙකාට එරෙහිව අවි අමෝරා නොගත්තා නම්, ගුවන් යානා අනතුර සිදු නොවන බවයි.

මෙම ගුවන් අනතුරෙන් කැනේඩියානුවන් 57 දෙනෙකු මිය ගියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

six + 2 =