ඉරාජ් වීරරත්නට එරෙහිව අමාත්‍ය පාඨලීගේ මාධ්‍ය අධ්‍යක්ෂක CID යයි

0
827
- Advertisement -
Share

ජනප්‍රිය කලාකරුවකු වන ඉරාජ් වීරරත්නගේ මිලියන 1.1 ක රසිකයින් පිරිසක් සහිත ෆේස්බුක් පිටුව පසුගිය සෙනසුරාදා(06) උදෑසන ෆේස්බුක් සමාගම විසින් ඉවත්කරනු ලැබුවා. එසේ එම ෆේස්බුක් පිටුව ඉවත් කිරීමත් සමඟම ව්‍යාජ ලෙස සැකසු ෆේස්බුක් සංවාදයක කොටසක් සමාජජාල මාධ්‍ය තුල් සංසරණය වූ අතර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ
මාධ්‍ය අධ්‍යක්ෂක වන ධනුෂ්ක රාමනායක මහතා මෙම අවහිර කිරීම සදහා විදුලි සංදේශ නියාමන කොමිසමට උපදෙස් ලබාදුන් බවට හැගීයන ආකාරයෙන් එම් ව්‍යාජ ෆේස්බුක් සංවාද සටහන සකස් කර තිබෙනවා.

මෙසේ ව්‍යාජ ෆේස්බුක් සංවාදයක් නිර්මාණය කිරීම හරහා තමන්ව බලවත් අපහසුතාවයකට ලක්කරමින් සිය කීර්තිනාමයට හානි කිරීම සදහා යම් පිරිසක් ක්‍රියාකර ඇති බවට අද(09) උදෑසන ධනුෂ්ක රාමනායක විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

එම පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවතට පැමිණි ඔහු මාධ්‍යවේදීන්ට අදහස් පළ කලා. එහිදී ඔහු ප්‍රකාශ කලේ මෙම සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු පිළිබඳව ඔහුගේ සැකය යොමුවන බව බවයි.

ඉන් දෙදෙනෙකු ජනාධිපති ලේකම් කාර්යාලයට සම්බන්ධ බවත්, අනෙක් පුද්ගලයා කටාන ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකු බවත් වාර්තා වනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණයක් හෙට(10) දිනයේ සිදුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 − 4 =