ඉමෙල්ඩා මාකෝස් ගේ උපන් දින සාදය. 261 ක් රෝහලේ.

0
617
- Advertisement -
Share

පිලිපීනයේ හිටපු ඒකාධිපති පාලකයෙකු වූ ෆර්ඩිනන්ඞ් මාකෝස්ගේ බිරිඳ, ඉමෙල්ඩා මාකෝස්, පසුගියදා සිය 90 වන ජන්ම දිනය සැමරුවාය. ඒ වෙනුවෙන් පැවැත් වූ එක් සාදයක් සඳහා 2500 කට වැඩි පිරිසක් සහභාගී වූ අතර, අමුත්තන්ට ලබා දුන් ආහාර විෂ වීමෙන් 261 දෙනෙකු රෝහල්ගත කර ඇති බව වාර්තා වේ. ඉමෙල්ඩා මාකෝස්, සිය සැමියාගේ බලය අයුතු ලෙස භාවිතා කළ කාන්තාවක් බව පැවසේ. පිලිපීන ජනතාව ඇගේ සැමියා බලයෙන් පහකරන මොහොතේ, ඉමෙල්ඩා මාකෝස් සතුව ස්වර්ණාභරණ සහ මුදල් අති දැවැන්ත ප‍්‍රමාණයක් මෙන්ම සපත්තු ජෝඩු 1000 ක් ද තිබුණු බව මාධ්‍ය වාර්තා කර තිබුණි. ඊට අමරතව, මාකෝස් පවුල සතුව අයතා ලෙස උපයා ගත් ඩොලර් බිලියන 10 ක පමණ මුදලක් ඇති බව ද පැවසේ. ඈ විසින් කරන ලද දූෂණ වංචා 7 ක් සම්බන්ධයෙන් විමර්ෂණය කළ එරට අධිකරණය පසුගිය වසරේදී ඉමෙල්ඩා මාකෝස්ට වසර 11 ක සිරදඩුවම් නියම් කළද මේ වනතෙක් ඇය අත් අඩංගුවට ගෙන නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty − sixteen =