ඉන්ධන මිලදී ගැනීම සදහා ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500 ක ණය සහනයක් ඉල්ලයි.

0
133
- Advertisement -

ඉන්ධන මිලදී ගැනීම සදහා
ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500 ක ණය සහනයක් ඉල්ලයි.


ඉන්ධන මිලදී ගැනීම සදහා ශ‍්‍රී ලංකාව, ඉන්දියාවෙන් ඩොලර් මිලියන පන්සියයක ණය මුදලක් ලබා ගැනීමට සාකච්ඡුා කරමින් සිටින බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර උපුටා දක්වමින් නිවුස් වයර් වෙබ් අඩවිය වාර්තා කර සිටියි.

ලංකාව, තෙල් ණය පහසුකමක් ලබා ගැනීම සදහා ඉන්දියාව සමග සාකච්ඡුා කරන බව, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සදහන් කර තිබෙන්නේ ඉකොනමි නෙක්ස්ට් වෙබ් අඩවිය සමගයි.

ශ‍්‍රී ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව මුහුණ දී සිටින බරපතල මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සදහා ජාත්‍යන්තර වෙළදපොලෙන් ඩොලර් බිලියන 2.5 ක ණය මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු කර තිබේ.

සති අන්ත ලංකාදීප පුවත්පතට අනුව, අමාත්‍යවරයාගේ එම යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද ලැබී තිබේ.

ඉන්ධන ණය සහන ලබා ගැනීම සදහා විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කර්මාන්ත හා උසස් තාක්ෂණ අමාත්‍ය ආචාර්ය සුල්තාන් අල් ජාබර් මහතා සමග සාකච්ඡුා පැවැත් වූ බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 − 16 =