ඉන්ධන නෞකාවේ ගින්න පාලනය කිරිමට ඉන්දියාවේ සහය “විශාල පාරිසරික හානියක් ගැන ඉන්දියාවෙන් අනතුරු.”

0
186
- Advertisement -
Share

ශ්‍රී ලංකාවට නැගෙනහිරින් පිහිටි මුහුදේ අනතුරට ලක්ව ගිනි ගනිමින් පවතින ඉන්ධන නෞකාවේ ගින්න ඉන්ධන ගබඩා වෙත ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ඉන්දියාවේ ද සහය හිමිව තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, මේ සඳහා ඉන්දියාවට අයත් යාත්‍රා 8ක් සහ ගුවන් යානා 2ක් යොදවා ඇති බවය.

MV New Diamond නමැති මෙම ඉන්ධන නෞකාව කුවේට් සිට ඉන්දියාව කරා යාත්‍රා කරමින් තිබියදී අනතුරට පත්විය.

එහිදී කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගිය අතර සෙසු සාමාජිකයින් නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි විය.

ඉන්දියාව යොදවා ඇති යාත්‍රා 8න් 5ක් එරට වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් ඒවා වන අතර සෙසු යාත්‍රා තුන එරට නාවික හමුදාව විසින් යොදවනු ලැබ තිබේ.

මේ අතරින් එක් යාත්‍රාවක් වන Samudra Pahredar නමැති යාත්‍රාව පරිසර දූෂණය පාලනය කිරීමට සමත් උපාංගවලින් සමන්විත එකකි.

මේ අතර ගින්න පාලනය කිරීම සඳහා Shakti, Sahyadri සහ Ranvijay යන යුද්ධ නෞකා ද යොදවා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්දීය පාරිසරික විද්‍යාඥයින් අනතුරු අඟවා ඇත්තේ, මෙම ගින්න හේතුවෙන් පරිසරයට විශාල හානියක් සිදුවන අතර යම් හෙයකින් ඉන්ධන කාන්දු වීමක් සිදුවුවහොත් තත්ත්වය වඩාත් බරපතළ වනු ඇති බවටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

ten + ten =