ඉන්දීය සෙබළුන් 20 දෙනෙකු ඝාතනය කිරීම. භාරතය පුරා – චීන විරෝධී උද්ඝෝෂණ රැල්ලක්..!

0
441
- Advertisement -
Share

ඉන්දීය සෙබළුන් 20 දෙනෙකු ඝාතනය කිරීම.
භාරතය පුරා – චීන විරෝධී උද්ඝෝෂණ රැල්ලක්..!

හිමාල දේශසීමාවේ දී, චීන හමුදා විසින් ඉන්දියානු හමුදා සෙබළුන් 20 දෙනෙකු ඝාතනය කිරීමේ සිදු වීමෙන්, ඉන්දියාව වේදනාවටත් කෝපයටත් පත්ව ඇති බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි.

කෙසේ වෙතත්, චීනය, ඉන්දීය දේශසීමාව ආක්‍රමණය කර නැති බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සදහන් කරයි.

මේ වන විට, චීන විරෝධී උද්ඝෝෂණ රැල්ලක් ඉන්දියාව පුරා ව්‍යාප්ත වෙමින් පවතී. චීනයේ නොහික්මුණු ක්‍රියාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මෝදි සෘජු තීරණයක් නොගැනීම ද ඉන්දියානුවන්ගේ කෝපයට හේතු වී තිබේ.

එමෙන් ම, චීන භාණ්ඩ වර්ජනය කිරීමේ රැල්ලක්ද මේවනවිට ඉන්දියාව පුරා පැතිරෙමින් තිබේ.

ඉන්දිය රජය, චීන සමාගමක් සමග එක්ව සිදු කිරීමට නියමිතව සිටි දුම්රිය ව්‍යාපෘතියක් අවලංගු කර තිබේ. එමෙන්ම සමස්ත ඉන්දීය වෙළද සංගමය, චීන භාණ්ඩ වර්ජනය කරන ලෙස ඉන්දියානුවන්ගෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × one =