ඉන්දීය මහ මැතිවරණය ඇරඹේ.

0
457
- Advertisement -
Share

ඉන්දීය පාර්ලිමේන්තුවේ පහළ මන්ත‍්‍රණ සභාව සඳහා නියෝජිතයන් තෝරා පත් කර ගැනීමේ මැතිවරණය අදින් ආරම්භ වේ. මැතිවරණය අවසන් වීමට නියමිතව ඇත්තේ මැයි මාසයේ 19 වන දා වන අතර, ඡන්දය ගණන් කිරීම මැයි මාසයේ 23 වෙනිදා සිදු වේ. පහළ මන්ත‍්‍රණ සභාවේ ආසන 543 ක් පවතින අතර ඉන් ආසන 272 ක් දිනා ගන්නා පක්ෂය හෝ සන්ධානය ආණ්ඩු බලය අත් පත් කර ගනී. 2014 වසරේ පැවති මැතිවරණයෙන් අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා නායකත්වය දෙන භාරතීය ජනතා පක්ෂය ඓතිහාසික ජයක් ලබා ගෙන තිබුණි. කෙසේ වෙතත් මෙවර මැතිවරණයේදී රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුතු කොන්ග‍්‍රස් පක්ෂය භාරතීය ජනතා පක්ෂයට අභියෝගයක් වනු ඇති බවයි පැවසෙන්නේ. වයස අවුරුදු 18 ට වැඩි ඡුන්ද දායකයන් මිලියන නමසීයකට ආසන්න පිරිසක් ඡුන්දය ප‍්‍රකාශ කිරීම සදහා සුදුසුකම් ලබා ඇති අතර, ඡන්ද මධ්‍යස්ථාන මිලියනයකදී ඔවුන් සිය ඡන්දය ප‍්‍රකාශ කරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × five =