ඉන්දීය මහකොමසාරිස් හදිසියේ ම ජනපති – අගමැති සහ විදේශ ඇමති හමුවේ.

0
445
- Advertisement -

ඉන්දීය මහකොමසාරිස්
හදිසියේ ම ජනපති – අගමැති සහ විදේශ ඇමති හමුවේ.

නැගෙනහිර පර්යන්තයේ අයිතිය සියයට සියයක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ තබා ගැනීමට රජය තීරණය කිරීමෙන් පසුව, ඊයේ දිනයේ දී, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේශ් ගුණවර්ධන යන අය හමු වී ඇති බව වාර්තා වේ.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කොටස්වලින් 49% ක් ඉන්දියානු සමාගමකට සහ ජපාන සමාගමකට ලබා දීමට ශ්‍රී ලංකා රජය මුලින් තීරණය කර තිබුණු අතර, එම යෝජනාවෙන් ශ්‍රී ලංකා රජය, ඒක පාර්ශ්වීයව ඉවත් ව ඇති බව ඉන්දියාව සහ ජපානය දැනගෙන ඇත්තේ, ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය කැබිනට් තීරණයක් ගත් පසුව බව ද පැවසේ.

අවසාන මොහොත දක්වාම, නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් පැමිණි එකගතා වෙනස් කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇති බව ඉන්දියාවට හෝ ජපානයට දැනුම් දී නැත.
මෙම තත්ත්වය, ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සදහා පැමිණෙන විදේශීය ආයෝජකයන්ගේ විශ්වාසය පළුදු වීමට හේතු විය හැකි බව ඉන්දියාව පාර්ශ්වයෙන් ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇති බව ද පැවසේ.

මීට පෙර, ජපාන ණය ආධාර යටතේ ඉදිකිරීමට නියමිතව තිබුණු කුළුණු මතින් දුවන, සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියද ශ්‍රී ලංකා රජය, ඒකපාර්ශ්වීයව නවතා දමා තිබුණි.

මේ තත්ත්වය, ජපානය සහ ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ පවත්වන රාජතාතන්ත්‍රික සම්බන්ධතා කෙරෙහි බලපෑමක් ඇති කළ හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 + two =