“ඉන්දීය ප‍්‍රභේධය මේ වනවිටත් සමාජය තුළ ව්‍යාප්ත වී තිබිය හැකියි.” විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

0
253
- Advertisement -

“ඉන්දීය ප‍්‍රභේධය මේ වනවිටත්
සමාජය තුළ ව්‍යාප්ත වී තිබිය හැකියි.”
විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර


කොරෝනා වෛරසයේ වඩාත් බිහිසුණු ප‍්‍රභේධයක් ලෙස සැලකෙන B.1.617 ඉන්දීය ප‍්‍රභේධය මේ වන විටත් මෙරට තුළ ව්‍යාප්ත වී තිබිය හැකි බවට වසංගත රෝග විද්‍යාඥ, වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසා තිබේ.

ඉන්දීය නව ප‍්‍රභේදය, ඉන්දියාව ඔස්සේ යුරෝපයට ද ව්‍යාප්ත වී තිබේ.

ඒ හේතුව මත, ඉන්දියාවේ සිට හෝ යුරෝපයේ සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් හරහා එම නව ප‍්‍රභේධය මේ රට තුළටද ඇතුළු විය හැකි බවයි ඔහු පවසන්නේ.

ඉන්දීය නව ප‍්‍රභේධය, ඉන්දියාවේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකුගෙන් පසුගිය දා වාර්තා විය.

එම පුද්ගලයා ඉන්දීය නව ප‍්‍රභේධය ආසාදනය වූවෙකු බව හදුනාගෙන තිබුණේ, පූර්ණ වශයෙන් ඔහු සුවය ලැබීමෙන් පසුව බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five + fifteen =