ඉන්දීය ධීවරයන්ට අපේ මුහුදේ මසුන් ඇල්ලීමට අවසර ලබා දීමේ සූදානමක්..!

0
310
- Advertisement -

ඉන්දීය ධීවරයන්ට අපේ මුහුදේ මසුන් ඇල්ලීමට
අවසර ලබා දීමේ සූදානමක්..!

ඉන්දීය ධීවරයන්ට ශ්‍රී ලංකා මුහුදේ මසුන් මැරීමේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කෙරෙමින් තිබෙන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පවසා ඇතැයි, ද මෝර්නිං පුවත්පත වාර්තා කරයි.

ඉන්දීය ධීවරයන් අනවසරයෙන් අපේ මුහුදු සීමාව ආක්‍රමණය කිරීම සහ බොටම් ට්‍රෝලින් නමින් හදුන්වන තහනම් ක්‍රමයට මෙරට මුහුදු සීමාවේ මාළු අස්වැන්න ඔවුන් විසින් නෙලා ගැනීම ලංකාව මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයකි.

මෙම ගැටළුව යහපත් ආකාරයෙන් විසදා ගැනීම සදහා, ඉන්දීය ධීවරයන් කිහිපදෙනෙකුකට මෙරට මුහුදු සීමාව තුළ මාළු අස්වැන්න නෙලා ගැනීම සදහා නීත්‍යානුකූල අවසරය ලබා දීම සම්බන්ධයෙන් අමාත්‍යංශය සලකා බලමින් සිටින බව අමාත්‍යවරයා පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් ඉන්දීය රජය සමග සාකච්ඡා කරමින් සිටින බවත්, කෙසේ වෙතත්,බොටම් ට්‍රෝලින් නමින් හැදින්වෙන තහනම් ක්‍රමය මෙරට මුහුදු සීමාව තුළ භාවිතා කිරීමට ඉඩ නොදෙන බවත් අමාත්‍යවරයා පවසා තිබේ.

බොටම් ට්‍රෝලින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 + nine =