ඉන්දීය ගුවන් හමුදාවට අයත් ඒ.එන්. 32 වර්ගයේ ගුවන් යානයක් පුද්ගලයන් 13 දෙනෙකු සමඟ එරට ඊසානදිග ප්රදේශයේ චීන දේශසීමාව ආසන්නයේදී අතුරුදන් වී තිබෙනවා.
ඇසෑම් ප්රාන්තයේ ජොර්හට් නුවරින්, අරුනාචල් ප්රදේශය වෙත ගමන් අරඹා ඇති අතර ඉන්දීය වේලාවෙන් පෙරේදා (04) පස්වරු 1ට පමණ පාලක මැදිරි සමඟ පැවති සම්බන්ධතා බිද වැටුණු බව වාර්තා වෙනවා.