ඉන්දීය කණ්ඩායමේ මීළඟ පුහුණුකරු මහේලද?

0
472
- Advertisement -
Share

ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය ප‍්‍රධාන පුහුණුකරු ධූරය සඳහා අයදුම්පත් කැදවා තිබේ.

අදාල තනතුර සඳහා, ශ‍්‍රී ලංකා එක්දින සහ ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දැරූ මහේල ජයවර්ධන ඉල්ලූම් කිරීමේ ඉඩකඩක් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මහේලට අමතරව, විවේන්ද්‍ර ෂෙවාග්, ටොම් මූඩි සහ ගැරී කි‍්‍රස්ටියන් යන හිටපු විශිෂ්ඨයන් ඉන්දීය ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධූරය සදහා ඉල්ලූම් කිරීමට ඉඩ ඇති බවයි පැවසෙන්නේ.

අයදුම්පත් භාර ගැනීම ජූලි 30 වනදායින් අවසන් වේ.

දැනට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණු කරු ධූරය හොබවන මහේල ජයවර්ධන, දෙවතාක්ම ඔවුන්ට පි‍්‍රමියර් ලීග් ශූරතාවය දිනා දී තිබේ.

මහේල ජයවර්ධන අති විශිෂ්ඨ පුහුණු කරුවෙකු බව සචීන් තෙන්ඩුර්කාර් පවා පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

11 + 13 =