ඉන්දීය කණ්ඩායමේ ආමි කැප් සිද්ධිය…!

0
852
- Advertisement -

ඉන්දියාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර පසුගිය අටවන දා පැවති තුන්වන එක්දින තරඟය සදහා ඉන්දීය කි‍්‍රකට් කණ්ඩායම ඔවුන්ගේ සාමාන්‍ය හිස් වැසුම වෙනුවට හමුදා හිස් වැසුම් පැළද සහභාගී විය. තමන් එසේ කළේ, ඉන්දීය හමුදාවට දක්වන ගෞරවයක් ලෙස බව, ඉන්දීය පිලේ නායක විරාත් කෝලි මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කර තිබුණි. විශේෂයෙන්ම කාශ්මීර දේශසීමාවේදී මරාගෙන මැරෙන ත‍්‍රස්ත බෝම්බයකින් මිය ගිය හමුදා සෙබළුන් 40 දෙනාට කරන ගරු කිරීමක් ලෙස ඔවුන් එසේ කර තිබුණි. හමුදා සෙබළුන් 40 දෙනෙකුට එරෙහිව එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයෙන් පසුව, ඉන්දියාව සහ පකිස්තානය අතර උණුසුම් තත්ත්වයක් උදා විය. කෙසේ වෙතත්, පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතා විසින්, ඔවුන්ගේ අත් අඩංගුවේ සිටි ඉන්දීය ගුවන් නියමුවා නිදහස් කිරීමට ගත් තීරණයෙන් පසුව, දෙරට අතර ඇති වීමට ගිය යුද ගිනි දැල් නිවී ගියේ ය. එවැනි පසුබිමක් යටතේ ඉන්දීය කණ්ඩායම හමුදා හිස් වැසුම් පැළද කි‍්‍රකට් පිටියට පිවිසීම අනුචිත ක‍්‍රියාවක් බවයි බොහෝ දෙනා පවසන්නේ. විශේෂයෙන්ම, අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය ඉදිරියේ මේ සම්බන්ධයෙන් සිය විරෝධය ප‍්‍රකාශ කරන බව, පකිස්තාන කි‍්‍රකට් සභාපති, ඒෂාන් මානි මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 − 17 =