ඉන්දීය අගමැති මොදි සහ ජනපති මෛත්‍රීපාල අතර දේපාර්ශ්වික සාකච්ඡාවක්

0
790

නරේන්ද්‍ර මෝදි මහතා දෙවන වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමේ උලෙළ ඊයේ (30) පස්වරුවේ නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හි දී පැවැත්විණි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයට අනුව එම උලෙළේ ආරාධිත අමුත්තෙකු ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද එක් විය.

ඉන් අනතුරුව අද දිනයේ දේපාර්ශ්වික සාකච්ඡාවක් සදහා ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි නවදිල්ලි හිදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසෙයි.