‘ඉන්දියාවේ හාල් කිලෝවක් රුපියල් 20 යි. අපේ රටේ හාල් කිලෝවක් රුපියල් 100 ත් පැනලා.’ මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ.

0
497
- Advertisement -

‘ඉන්දියාවේ හාල් කිලෝවක් රුපියල් 20 යි.
අපේ රටේ හාල් කිලෝවක් රුපියල් 100 ත් පැනලා.’ මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ.

ඉහළ යන බඩුමිල සම්බන්ධයෙන් මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතා සති අන්ත අනිද්දා පුවත්පතට පවසා තිබුණු අදහස්වලින් කොටසක් අපි මෙසේ උපුටා දක්වමු.

වෙන පාරිභෝගික භාණ්ඩ ගැන කතා කරන්න ඕනෑ නෑ. අපේ රටේ ප‍්‍රධාන පාරිභෝගික භාණ්ඩය වන සහල් පවා පාරිභෝගිකයාට මිල දී ගත හැකි මිලක නෙමෙයි තියෙන්නේ. සහල් මිල වැඩි වුණාට ඒකේ ප‍්‍රතිලාභය ගොවියට ලැබෙන්නේ නෑ. දේශීය වශයෙන් සහල් නිෂ්පාදනය ප‍්‍රමාණවත් නැත්නම් සහල් ආනයනය කරන්න ඕනෑ.

අපි නිදහස ලබලා අවුරුදු 72 ක් වෙනවා. මේ රට කෘෂිකාර්මික රටක් කියලා කියනවා. කෘමි නාශක-වල් නාශක පොහොර අපේ රටේ නිපදවන්නේ නෑ. පොස්පේට් වගේ අමුද්‍රව්‍ය තියෙන රටක් වෙලත් අපි පොහොර ආනයනය කරනවා. ට‍්‍රැක්ටරයක් හැදීම කෙසේ වෙතත් එකලස් කරන ව්‍යාපෘතියක්වත් කරගන්න බෑ තාම. ඒ නිසා තමයි අපේ සහල් නිෂ්පාදන පිරිවැය වැඩි වෙලා තියෙන්නේ. කලාපයේ අනෙක් රටවල නිෂ්පාදන වියදම අපට වඩා අඩුයි. ඉන්දියාවේ හාල් කිලෝවක් රුපියල් 20 යි. අපේ රටේ හාල්කිලෝවක් රුපියල් 100 පැනලා. කර්මාන්ත දියුණු කරන්නේ නැතිව කෘෂිකර්මාන්තය දියුණු කරන්න බෑ. හයිවේ හදන්න නෙමේ. මේ රටේ කර්මාන්ත දියුණු කරන්නයි අවශ්‍ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

14 − six =