ඉන්දියාවේ සිට පැමිණ නිරෝධානයට රැගෙන ගිය පිරිස විසික් කරපු කුණු නිසා ගමේ මිනිසුන් බය වෙයි.

0
1085
- Advertisement -

ඉන්දියාවේ සිට පැමිණි පිරිසක් අද (22) යාපනය කොඩිකාමම් පිහිටි 522 බලසේනා මූලස්ථානයේ ස්ථාපිත කළ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කළ බව යාපනය ආරක්ෂක අංශ පවසයි.

දඹදිව වන්දනාවේ ගොස් සිටි පිරිසක් නිරෝධායනය වෙනුවෙන් එලෙස 522 බළසේනා මූලස්ථානයේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකොට තිබිණ.

යාපනය යුධ හමුදා 522 බළසේනා මූලස්ථානයට අමතරව බස් රථ පහකින් තවත් පිරිසක් මුලතිව් කේප්පාපිලව් පිහිටි ගුවන් හමුදා කදවුර වෙතද නිරෝධායනය වෙනුවෙන් රැගෙනවිත් ඇති බව ආරක්ෂක අංශ පවසති.

දඹදිව සිට පැමිණි පිරිසක් කිලිනොච්චිය ඉරණමඩු පිහිටි ආරක්ෂක අංශ කදවුරකටද ඊයේ (21) හා අද (22) රැගෙනවිත් තිබිණ.

ගුවන් තොටුපොළ සිට පැමිණි පිරිස් වෙත ගුවන් තොටුපොළ හරහා ලබාදුන් ආහාර ඇසුරුම් කොට තිබු ඇසුරුම් තොගයක් කිලිනොච්චියේ මාර්ග දෙපස දමා ගොස් ඇති බව කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පවසති.

කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පැවසුවේ කිලිනොච්චිය හා යාපනය නිරෝධායන මධ්‍යස්ථාන වෙත පැමිණි පිරිසක් විසින් අදාළ ආහාර ඇසුරුම් මාර්ගය දෙපස දමාගොස් ඇති බවට සැක කරන බවයි.

මාර්ග දෙපස එලෙස ආහාර ඇසුරුම් දමායාම හේතුවෙන් සෞඛ්‍ය අවධානම් තත්වයක් උද්ගතව ඇති බව කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පවසති.

mawbima පුවත්පත් වෙබ් අඩවියෙන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eleven − 9 =