ඉන්දියානු මැදිහත්වීමකට විරෝධය පා වරාය සේවකයෝ; වරාය සභාපතිගේ කාර්යාලය වටලති.

0
946
- Advertisement -
Share

ඉන්දියානු මැදිහත්වීමකට විරෝධය පා වරාය සේවකයෝ; වරාය සභාපතිගේ කාර්යාලය වටලති.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවිකිරීම සඳහා චීනයෙන් ගෙන්වන ලද කන්ටේනර් මෙහෙයුම් දොඹකර ඉන්දියානු රජයේ බලපෑම මත ආපසු යැවීමේ උත්සාහයට විරෝධය දක්වමින් වරාය සේවකයෝ වරාය අධිකාරියේ සභාපතිවරයාගේ කාර්යාලය ඊයේ (22 වැනිදා) පස්වරුවේ වැටලූහ.

විරෝධතාකරුවන් සභාපතිවරයාගේ කාර්යාලය වටලමින් කියා සිටියේ වරායේ නැගෙනහිර පර්යන්තයට ගෙන එන ලද එම කන්ටේනර් මෙහෙයුම් දොඹකර පද්ධතිය ඉක්මනින් නැවෙන් බෑමට කටයුතු කරන ලෙසයි.

මෙම දොඹකර පද්ධතිය අද (23 වැනිදා) නැවෙන් බෑමට කටයුතු නොකළහොත් වරාය සියලු වෘත්තීය සමිති එක්ව වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බවද වෘත්තීය සමිති නියෝජිතයෝ පාලනාධිකාරියට දැන්වූහ.

•සාලිය කුමාර ගුණසේකර / aruna newspaper

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × three =