රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්කිරීමේ සිද්ධියට අදාළව පැමිණිලි පාර්ශවයට ඉතිරි රුපියල් ලක්ෂ 8 ක මුදල ලබාදෙන ලෙස පානදුර වැඩබලන මහේස්ත්රාත් ජයන්ති පීරිස් කුසල් මෙන්ඩිස්ට අද (09) නියෝග කර තිබේ.
එම මුදල බැංකුගත කළ බව ලබාදෙන රිසිට්පත මීළඟ නඩු වාරයේදී ඉදිරිපත් කරන ලෙසයි මීට අදාළ නඩුව අද කැදවූ අවස්ථාවේදී වැඩබලන මහේස්ත්රාත්වරිය සැකකරුට නියෝග කර තිබේ.