ඉතාලි ජාතිවාදියා දරුවන් ද සමගින් බස් රථයට ගිනි තබයි.

0
618
- Advertisement -

ඉතාලියේ බස් රථ රියැදුරෙක් පාසල් දරුවන් පනස් එක් දෙනෙක් සමඟ ඔහු ධාවනය කරන බස් රථය පැහැරගෙන ගොස් තිබේ. පසුව දරුවන්ද සමගින් අදාල පුද්ගලයා බස් රථය ගිනි තබා ඇත. බස් රථය ගිනි තැබීමට පෙර ඔහු විසින් ඇතැම් දරුවන් අසුන්වලට තබා බැද තබා තිබුනද, බස් රථයේ සිටි සියලූම දරුවන් බේරා ගැනීමට අවට සිටියවුන් සමත් ව තිබේ. බස් රථ රියැදුරා පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. දරුවන් බේරා ගැනීමට ලැබීම ආශ්චර්යයක් බව ඉතාලියේ මිලානෝ නුවර ප‍්‍රධාන මහජන නියෝජිතයා පවසා තිබුණි. අදාල රියැදුරා අන්තවාදී මත දරන්නෙකු වන අතර, ඉතාලියට සංක‍්‍රමණිකයන් පැමිණීම නුරුස්සන්නෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eight + fourteen =