ඉතාලියේ ගෙවුණු පැය 24 ට 475 ක් මිය යයි.

0
336
- Advertisement -

දිනක් තුළ ඉතාලියේ කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

ඒ, ඉකුත් පැය 24 තුළ පුද්ගලයන් 475 දෙනෙකු මියයාමත් සමගය.

මේ වනවිට ඉතාලියේ කොරෝනා මරණ සංඛ්‍යාව 3000 කට ආසන්න වන අතර එරටින් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 35,713 කි.

ඉතාලියේ 4000 වැඩි ආසාදිතයින් පිරිසක් සුවය ලැබුහ.

චීනයට පසු කොරෝනා ව්‍යාප්තියෙන් ලොව වැඩිම බලපෑමකට ලක් වූ රට ඉතාලියයි.

සති දෙකක කාලයක් රට වසා දමා පුද්ගලයන්ට නිවෙස්වලින් බැහැරවීම තහනම් කර ඇතත්, ඉන් ඉතාලියේ කොරෝනා මරණ සංඛ්‍යාව පහළ ගොස් නැත.

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ, ඊට ඉතාලියෙන් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යාම සහ එරට වයස්ගත පුද්ගලයින් අධිකවීම හේතුවිය හැකි බවයි.

මේ අතර ඉතාලියේ සෞඛ්‍ය සේවකයන් කොරෝනා වෛරසයට ගොදුරුවීම සීඝ්‍රයෙන් ඉහළයාම එරට අවදානම් තත්ත්වය තව ත් තීව්‍රවීමට හේතුවිය.

මේ වනවිට එරට සෞඛ්‍ය සේවකයින්ගෙන් 2629 කට වෛරසය ආසාදනය වී තිබේ.

ඉතාලි බලධාරීන් පවසන්නේ, මේ හේතුවෙන් අලුතින් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමට ඉතාලි සෞඛ්‍ය ක්ෂේත්‍රය අපොහොසත් වනු ඇති බවයි.

news first.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

14 + 6 =