ඉඩ නැති නිසා රෝහලට ඇතුළත් කර ගැනීමට නොහැකි වූ ආසාදිතයෙක් ප‍්‍රතිකාර නොමැතිව නිවසේ දී මිය යයි.

0
972
- Advertisement -

ඉඩ නැති නිසා රෝහලට ඇතුළත් කර ගැනීමට නොහැකි වූ ආසාදිතයෙක්
ප‍්‍රතිකාර නොමැතිව නිවසේ දී මිය යයි.

බස්නාහිර පළාත තුළ කොරෝනා ආසාදිතයන්ට ප‍්‍රතිකාර කිරීම සදහා වෙන්කර තිබෙන රෝහල් සියල්ලම පාහේ උපරිම ධාරිතාව වෙත ළගා වී ඇතැයි බස්නාහිර පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තු ලේකම් ගාමිණී ධර්මසේන මහතා පවසයි.

මෙය භයානක තත්ත්වයක් බව ඔහු පවසයි.

මේ වන විට පවතින තත්ත්වය යටතේ, අළුත් රෝගීන් සදහා රෝහල් ඉඩ ලබා ගැනීමට නම්, දැනට ප‍්‍රතිකාර ලබන රෝගීන් සුවය ලබා ඉවත්ව යන තුරු බලා සිටීමට සිදුව ඇති බවද ඒ මහතා පවසයි.

රෝහලකට ඇතුළත් කර ප‍්‍රතිකාර ලබා දීමට නොහැකි වීමෙන්, පසුගිය විසි අට වනදා එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති බවද ඔහු පවසයි.

daily mirror.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen + 4 =