ඉටුකම අරමුදලේ රුපියල් බිලියන 1.6 ක් තවමත් ප‍්‍රයෝජනයට ගෙන නෑ..!

0
104
- Advertisement -

ඉටුකම අරමුදලේ රුපියල් බිලියන 1.6 ක්
තවමත් ප‍්‍රයෝජනයට ගෙන නෑ..!

ඉටුකම අරමුදලට එකතු වූ මුදලින් රුපියල් බිලියන 1.6 කට වඩා වැඩි මුදලක් තවමත් කිසිදු කාර්යයක් වෙනුවෙන් යොදවා නැති බව අද වෙළද පොළට නිකුත්ව තිබෙන සන්ඬේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

ඉටුකම අරමුදල ජනාධිපති ලේකම් කාර්යාලය මගින් පාලනය කරනු ලබයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉටුකම අරමුදල ආරම්භ කරන ලද්දේ පසුගිය වසරේ මාර්තු මාසයේ දී ය.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ පුවත්පත විසින් කරන ලද ඉල්ලීමට අනුව, ඉටුකම අරමුදල සදහා පසුගිය සැප්තැම්බර් 21 වන දා වන විට, රුපියල් බිලියන 1.8 ක මුදලක් ලැබී තිබෙන බව ජනාධිපති ලේකම් කාර්යාලය තහවුරු කර තිබේ.

ලැබී තිබෙන මුදලින් රුපියල් මිලියන 189 කට වඩා වැඩි මුදලක් මේ වන විට වැය කොට තිබෙන බවද පුවත්පත පවසයි.

පුවත්පතට අනුව, ඉටුකම අරමුදලෙන් මේ දක්වා පී.සී.ආර් පරීක්ෂණ සදහා වැයකර තිබෙන මුදල රුපියල් මිලියන 42.6 කි. උපදේශන වැඩසටහන් සදහා තවත් රුපියල් මිලියන 67.5 කි. පුද්ගලයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත ප‍්‍රවාහනය කිරීම සදහා වැය කර තිබෙන මුදල රුපියල් මිලියන 38 කි. ජාතික එන්නත්කරණ වැඩසටහන සදහා අරමුදලෙන් මේ දක්වා වැය කර තිබෙන්නේ රුපියල් මිලියන 41.5 ක් පමණි.

කෙසේ වෙතත්, අරමුදලේ ඉතිරිව තිබෙන සියළුම මුදල් ජාතික එන්නත්කරණ වැඩසටහන සදහා යොදවන බව, පසුගිය මැයි මාසයේ දී ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිවේදනය කර තිබුණි.

ගිලන් රථ 10 ක් මිලට ගැනීම සදහා රුපියල් මිලියන 194 ක් වැය කර තිබෙන බවට ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් වාර්තා කර තිබුනද, ගිලන් රථ මිලට ගැනීම සදහා මුදල් වැය නොකළ බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × 4 =