ඇෆ්ගනිස්ථානයේ කාබුල් විශ්ව විද්‍යාලයට ත‍්‍රස්ත ප‍්‍රහාරයක්. සරසවි සිසුන් 19 ක් මරණයට පත් වේ.

0
225
- Advertisement -

ඇෆ්ගනිස්ථානයේ කාබුල් විශ්ව විද්‍යාලයට
ත‍්‍රස්ත ප‍්‍රහාරයක්. සරසවි සිසුන් 19 ක් මරණයට පත් වේ.

ඇෆ්ගනිස්ථානයේ ප‍්‍රධානතම විශ්ව විද්‍යාලය ලෙස සැලකෙන කාබූන් විශ්ව විද්‍යාලයට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයකින්, එම විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් 19 ක් මියගොස්, විස්සකට වඩා වැඩි පිරිසකට තුවාල සිදුව ඇති බව වාර්තා වේ.

ප‍්‍රහාරය සදහා ත‍්‍රස්තයන් තිදෙනෙකු සහභාගී ඇති බව හදුනාගෙන තිබේ. එක් අයෙකු මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවාගෙන ඇති අතර, අනෙක් දෙදෙනා ආරක්ෂ හමුදා එල්ල කළ ප‍්‍රති ප‍්‍රහාරවලින් මරණයට පත් වී තිබේ.

කාබූල් විශ්ව විද්‍යාලයට එල්ල වූ ප‍්‍රහාරය සම්බන්ධයෙන් තමන්ගේ වගකීමක් නැති බව, තලේබාන් ත‍්‍රස්ත සංවිධානය ප‍්‍රකාශ කර තිබේ.