ඇෆ්ගනිස්තානයේ මුස්ලිම් පල්ලියකට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක්..! පනහකට වැඩි පිරිසක් මිය යයි. සිය ගණනක් තුවාල ලබයි.

0
107
- Advertisement -

ඇෆ්ගනිස්තානයේ මුස්ලිම් පල්ලියකට
මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක්..!
පනහකට වැඩි පිරිසක් මිය යයි. සිය ගණනක් තුවාල ලබයි.


ඇෆ්ගනිස්තානයේ කුන්දුස් නගරයේ පිහිටි මුස්ලිම් පල්ලියකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් පනහකට වැඩි පිරිසක් මිය ගොස් තවත් සිය ගණනක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ප‍්‍රහාරය එල්ල වී ඇත්තේ ෂියා මුස්ලිම්වරුන්ගේ පල්ලියකට බවයි පැවසෙන්නේ.
ප‍්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකු භාරගෙන නැත.

කෙසේ වෙතත්, ෂියා මුස්ලිම්වරුන්ට එරෙහිව සුන්නි මුස්ලිම් වරුන්ගේ දැඩි විරෝධයක් ඇෆ්ගනිස්ථානය තුළ තිබෙන බව පැවසේ.

පසුගිය දා ඇමරිකා එක්සත් ජනපද හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වූ පසුව
එරට තුළ සිදු වූ දරුණුතම ප‍්‍රහාරය මෙම බෝම්බ ප‍්‍රහාරයයි .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × five =