ඇසිඩ් ප‍්‍රහාරයකට ලක් වූ තරුණියකගේ කතාව දීපිකා පදුකෝන් අපට කියයි.

0
689
- Advertisement -

තමන්ට වඩා දෙගුණයක් වැඩිමල් පුරුෂයෙකු හා විවාහ වීම ප‍්‍රතික්ෂේප කළ තරුණියකට ඇගේ එම ප‍්‍රතික්ෂේප කිරීම නිසාම ඇසිඩ් ප‍්‍රහාරයකට මුහුණ දීමට සිදු වෙයි. එම සිදු වීම සිදු වද්දී ඇගේ වයස අවුරුදු පහළොවකි. මෙවැනි සිදු වීම් ඉන්දියාවෙන් බහුලව වාර්තා වේ. 2016 වසරේ දී පමණක්, ගැහැණු දරුවන් 206 දෙනෙකු ඇසිඩ් ප‍්‍රහාරයන්ට ගොදුරු වී තිබේ. කලින් වාර්තා කළ සිදුවීමට අදාල තරුණියගේ නම ලක්ෂ්මී අග‍්‍රාවල් ය. ලක්ෂ්මි අග‍්‍රාවල්ගේ කතාව සිනමාවට නැගීමට නියමිතය. චිත‍්‍රපටයේ නම Chhapaak ය. චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ කාන්තා අධ්‍යක්ෂකවරියකි. ඈ මේඝනා ගුල්සාර් ය. චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය දීපිකා පදුකෝන් විසින් රගපානු ලබයි.
මෙම චිත‍්‍රපටය මේ වසරේ දී තිරගත වීමට නියමිත ය.