ඇසල පෙරහැරට වතුකරයේ ජනතාව පා ගමනින් කතරගම පුදබිම බලා පිටත් වෙයි

0
710
- Advertisement -

වාර්ෂිකව කතරගම පුදබිමේ පවත්වන ඇසල පෙරහැර සඳහා වතුකරයේ ජනතාව පා ගමනින් සහභාගී වුණා.

ඔවුන් පා ගමන ආරම්භ කර ඇත්තේ මස්කෙලියේ සම්මුගනාදන් හින්දු කෝවිලේ ඊයේ (19) පැවති පුජාවකින් අනතුරුවයි.

ඊයේ ආරම්භ කල පා ගමනින් අනතුරුව නෝවුඩ් හින්දු කෝවිලේ විවේක ගැනීමෙන් පසු නැවතත් අද (20)ඔවුන්ගේ ගමන ඇරඹුවා.

මේ පිරිස හැටන් සිට කතරගම දක්වා කිලෝමීටර් 200ක් පමණ දුරක් පා ගමනින් පැමිණ ඇති අතර පොසොන් පෙරහැර සඳහා මෙලෙස පා ගමනින් පිරිසක් පැමිණි පළමු වතාව බවද ඔවුන් පවසා සිටියා.

මෙවර කතරගම පොසොන් පෙරහැර මංගල්‍ය ලබන මස 3 වන දින ආරම්භ වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × three =