“ඇවන්ට්ගාර්ඞ් එක්ක මට ගනුදෙනුවක් නෑ; ඒත් විජේදාස රාජපක්ෂ නම් නිශ්ශංකගේ හොද මිතුරෙක්.” ෆීල්ඞ්මාර්ෂල් සරත් ෆොන්සේකා.

0
574
- Advertisement -

ඇවන්ට්ගාර්ඞ් එක්ක මට ගනුදෙනුවක් නෑ;
ඒත් විජේදාස රාජපක්ෂ නම් නිශ්ශංකගේ හොද මිතුරෙක්.
ෆීල්ඞ්මාර්ෂල් සරත් ෆොන්සේකා.

ෆීල්ඞ්මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා, ඇවන්ට්ගාර්ඞ් සමාගමෙන් කප්පම් ලබාගෙන ඇති බවට වූ ලිපි ලේඛන තමන් දුටු බව, හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසා ඇති බවත්, හැකිනම්, එම සාක්ෂි ඉදිරිපත් කරන ලෙස තමන් විජේදාස රාජපක්ෂට අභියෝග කරන බව, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසා තිබේ.

අද පුවත්පත සමග එක් වෙමින්, ෆීල්ඞ්මාර්ෂල් මේ බව ප්‍රකාශ කර ඇති බව එම පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

ඇවන්ට්ගාර්ඞ් සමාගම වැනි ආයතනවලින් තමාට මුදල් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් තමාට නැති බව පවසා ඇති ෆීල්ඞ්මාර්ෂල් වරයා, ඒ නමුත්, විජේදාස රාජපක්ෂට නම්, ඇවන්ට්ගාර්ඞ් සමාගම සමග කිට්ටු සම්බන්ධතා ඇති බව තමා අවස්ථා කිහිපයකදීම පෙන්වා ඇති බව ද පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

9 + 1 =