ඇවන්ගාඩ් ආරක්ෂක අංශ ප්‍රධානියා කටුනායක ගුවන්තොටුපලේදී කොටු වෙයි

0
740
- Advertisement -

ඇවන්ගාඩ් අවි නැව සම්බන්ධයෙන් අවශ්‍ය වී සිටින එහි සමුද්‍ර ආරක්ෂක අංශ ප්‍රධානියා අද (27) උදෑසන අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ඒ, බලපත්‍ර නොමැති ගිනි අවි 816 ක් සහ ලක්ෂ 2 කට අධික පතොරම් ද සමඟ අත්අඩංගුවට ගෙන තිබු ඇවන්ගාඩ් නැව සම්බන්ධ නඩුවට අදාළවයි.

ඔහු අද අළුයම 00.15ට පමණ සිංගප්පූරුවේ සිට SQ 468 යානයෙන් මෙරටට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන්තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තු මුලස්ථානය වෙත බාරදී ඇති බව වාර්තා වෙනවා.

කලපලුවාව, රාජගිරිය ලිපිනයේ පදිංචි විෂ්වජිත් නන්දන දියබලනගේ නැමති මෙම සැකකරු සිංගපූරුවට ගොස් තිබු අතර, ඔහුට එරෙහිව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ගුවන් ගමන් තහනමක් ද නිකුත් කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen + ten =