ඇලෝසියස්ගෙන් සල්ලි ගත්ත අය පොහොට්ටු පක්ෂයේත් ඉන්නවා.

0
1731
- Advertisement -
Share

ඇලෝසියස්ගෙන් සල්ලි ගත්ත අය
පොහොට්ටු පක්ෂයේත් ඉන්නවා.

අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගත් අය, තමන් නියෝජනය කරන පාර්ශ්වයේ ද සිටින බව, අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ පවසයි.

කෝප් කමිටුව, සාමාජිකයන් 16 දෙනෙකුගෙන් යුත් කමිටුවකි. මෙම 16 දෙනාගෙන් 06 දෙනෙකුටම, අර්ජුන් ඇලෝසියස් සමග සෘජු සම්බන්ධතා තිබුණු බව ද අමාත්‍යවරයා පවසයි.

එසේ සෘජු සබධතා තිබුණු හය දෙනාගෙන් සිව් දෙනෙකු, අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගෙන ඇති අතර, අනෙක් දෙදෙනා, අර්ජුන් ඇලෝසියස්ගෙන් අරක්කු ඒජන්සි ලබාගෙන ඇතැයි ද අමාත්‍යවරයා චෝදනා කරයි.

අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් පොහොට්ටු පක්ෂයට සම්බන්ධ පිරිස් පිළිබදව රාජපක්ෂ මහත්වරු ඉතා හොදින් දන්නා බවත්, ඉදිරියේ දී ඔවුන්ට එරෙහිව කටයුතු කරනු ඇතිබවත් අමාත්‍යවරයා පවසයි.

ඇමතිවරයා මේ ආන්දෝලනාත්මක අදහස් පළ කර සිටියේ, සිරස නාලිකාව ඔස්සේ විකාශය වන නිවුස් ලයින් වැඩසටහනට සහභාගී වෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen − eight =