ඇල්ලේ ගුණවංශ, බෙංගමුවේ නාලක, මුරුත්තෙට්ටුවේ ආනන්ද යන හිමිවරු
විස්සට එරෙහි පිලට වඩිති.
ඇල්ලේ ගුණවංශ, බෙංගමුවේ නාලක සහ මුරුත්තෙට්ටුවේ ආනන්ද යන හිමිවරු විසින්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.
එම ලිපිය මගින්, විසිවන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් උන්වහන්සේලාගේ මතය ජනාධිපතිරයාට දැනුම් දී තිබේ.
විසිවන සංශෝධනය මගින්, විධායකය, අධිකරණය සහ ව්‍යවස්ථාදායකය යන බල කේන්ද්‍ර තුන අත්තනෝමතික ලෙස සිය අණසක යටතට ගත හැකි බලවත් ජනාධිපතිවරයෙක් බිහි වන බව උන්වහන්සේලා පවසති.
මෙම සංශෝධනය මගින්, අග්‍රාමාත්‍යවරයාගේ සහ අමාත්‍ය මණ්ඩලයේ බලය හීන වන බව පවසන් ඔවුන්, අමාත්‍ය මණ්ඩලය තිහකට සීමා කිරීමේ ප්රතිපාදනය ද විසිවන සංශෝධනය මගින් ඕනෑම මොහොතක වෙනස් කිරීමේ හැකියාව ඇති බවද කියති.
ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරිය නොහැකි බවට වන ප්රතිපාදනය කෙරෙහි ද අවධානය යොමු කර ඇති මෙම භික්ෂූන් වහන්සේලා තෙනම, විසිවන සංශෝධනය සම්බන්ධයෙන් යළි සිතා බලන ලෙස ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.