ඇල්ලේ ගිනි අඩු වෙයි

0
673
- Advertisement -

බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රදේශයේ රක්ෂිතයක ගින්නක් ඊයේ (22) පස්වරුවේ හටගෙන තිබෙනවා.

මෙම ගින්න හටගෙන ඇත්තේ ප්‍රපාතයක බැවින් එය මැඩ පැවැත්වීමට අපහසු බව ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල්. උදය කුමාර මහතා සඳහන් කළා.

මේ අතර ඊයේ රාත්‍රියේ ඇති වූ වර්ෂාපතනය නිසා ඇති වී තිබෙන එම ගින්න අඩු වෙමින් පවතින බවයි වාර්තා වෙන්නේ.