ඇමේරිකානු රාජ්‍ය ලේකම්ගෙ ශ්‍රී ලංකා සංචාරය අවලංගු වෙයි – Headline News

0
712
- Advertisement -

ඇමේරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු කර ඇති බව මෙරට ඇමෙරිකානු තානාපති කාර්‍යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එහි දැක්වෙන පරිදි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සමග ජපානායේ පැවැත්වෙන ජී 20 සමුලුවට සහභාගි වීම සදහා යාමට සිදුව ඇති හෙයින් ඇමේරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන ඇති බවයි.

ලබන 24 වනදා සිට 30 වනදා අතර කාලය තුළදි සැලසුම් කර තිබු ආස්‍යියානු සංචාරය අතරතුරදි රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකාවෙ සංචාරය කිරීමට නියමිතව තිබිණි.