ඇමෙරිකානු තානාපතිනියගෙන් මෛත්‍රීට ලිපියක්

0
628
- Advertisement -
Share

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් වැඩ සටහන සංවර්ධන ආධාර ගිවිසුමක් බවත් මේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ලබා දෙන ඩොලර් මිලියන 480ක මුදල ඇමෙරිකානු ජනතාවගේ පූර්ණ පරිත්‍යාගයක් මිස ණය මුදලක් නොවන බවත් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි අලෙයිනා බි ටෙප්ලිවාස් මහත්මිය ජනපති මෛත්‍රීට ලිපියක් මඟින් දන්වා තිබේ.

ශ්‍රී ලංකාවෙ ජනතාවගේ ආර්ථිකය සංවර්ධනයට මෙය ඉවහල්වනු ඇතැයි සඳහන් කරන ඇමෙරිකානු තානාපතිනිය. මෙම වඩසටහනේ ප්‍රධාන අරමුන වන්නේ ගමනාගමනය සහ ඉඩම් කළමනාකරණය පිළිබඳ ගැටලු විසඳීම බවද මෙම ව්‍යාපෘති ශ්‍රී ලාංකිකයන් විසින් මෙහෙයවන අතර ශ්‍රී ලංකාවේ නායකත්වයට සහ අනෙක් හවුල්කරුවන්ටද වගකියන ආකාරයට ක්‍රියාත්මක වනු ඇති බවද කියා සිටී.

දැනට කොළඹ නගරයේ පවතින වාහන තදබදය නිසා ඇතැම්විට පිටකොටුවේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයට යෑමට ගත්වන කාලය අධිවේගී මාර්ගය ඔස්සේ ගාල්ලට යාමට ගතවන කාලයට සමාන වන බව පවසනා තානාපතිනිය ගමනාගමන පහසුකම් නංවාලීමේ ව්‍යාපපෘතියෙන් කොළඹ නගරයේ කිලෝමීටර් 25ක වාහන තදබදය අඩු වී නගරය තුළ ගමනාගමනය සඳහා ගතවන කාලය සීයට 40කින් පමණ අඩුවනු ඇති බාවද සඳහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen − 11 =