ඇමසන් ගිනි නිවන්න ආ සුපිරි වීරයා

0
77
- Advertisement -

පෘතුවියේ පෙනහළු ලෙස හැඳින්වෙන ඇමසන් වනාන්තරය පසුගියදා ගින්නෙන් දැවී ගියා. සති කිහිපයක් මුළුල්ලේ හටගත් ලැව්ගින්න තවමත් පාලනය කිරීමට නොහැකිව තිබෙනවා.

කෙසේ නමුත් රටවල් කිහිපයකම සහය ඇතිව එම ගින්න මැඩපැවැත්වීමට උත්සහ කරනවා. මේ අතර බොලීවියාවේ ආරාධනයෙන් වීරයෙක් එයට සහය දැක්වීමට පැමිණ සිටිනවා.

ඒ, ලොව විශාලතම ජලය ගෙනයන සුපර් ටෑන්කර් ගුවන් යානයයි. බෝයිං 747 වර්ගයේ ඇන්ජින් 4ක විශාල ජම්බෝ යානාවක් තුළ සවි කළ විශාල ධාරිතාවකින් යුතු ජල ටැංකි පද්ධතියකින් සමන්විත මෙම යානාව දැනට ලොව ඇති විශාලතම ගිනි නිවීමේ ගුවන් යානාව වෙනවා. මෙම යානාවෙන් වරකට රැගෙන යා හැකි ජල පරිමාව ලීටර් 70,000ක්.

මෙම යානාව නිපදවා ඇත්තේ ඕනෑම ගිනිගන්නා ස්ථානයකට පහසුවෙන් ලඟා වී ගුවනින් ජලය හැලීමට හැකිවන පරිදියි. සුපර් ටෑන්කර් යානය පසුගිය 22 වනදා සිට බොලීවියාවේ සාන්ත කෘස් ගුවන් තොටුපළෙහි සිට කිහිප වතාවක් ඇමසන් වනය වෙත ජලය ගෙන ගොස් තිබෙනවා.

Image result for super tanker airplane
Related image

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen + fourteen =