ඇමසන් ගින්න – දේශපාලන ගින්නක්..!

0
640
- Advertisement -

දින කිහිපයක් තිස්සේ ලෝකයේ විශාලතම වැසි වනාන්තරය ලෙස සැලකෙන ඇමසන් වනාන්තය ගිනි ගනිමින් තිබේ.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් පවසන්නේ, මෙය ජාත්‍යන්තර අර්බුධයක් බවයි. ලෝකයේ ප්‍රධාන පෙලේ කාර්මික රාජ්‍යයන් හතේ නායකයන් රැස් වී මේ ගැන වහාම මේ ගැන සාකච්ඡා කළ යුතුයැයි ඔහු යෝජනා කරයි. ඒ, ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමිනි.

මැකරෝන්ගේ ට්වීටර් පණිවිඩයට ප්‍රතිචාර දක්වමින්, බ්‍රසීලයේ ජනාධිපති බොල්සනාරෝ පවසන්නේ, ඇමසන් ගින්නට මුවා වී ප්‍රංශ ජනාධිපතිවරයා දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කරන බවයි.

කලාපයේ පරිසර වේදීන්, ඇමසන් ගින්නේ වගකීම බ්‍රසීල රජයට පවරයි. බ්‍රසීල රජය – ඇමසන් ගිනි තැබීමට මිනිසුන් පොළඹවන බවට ඔවුන් චෝදනා කරයි. බ්‍රසීල ජනාධිපතියා, ගින්නේ වගකීම රාජ්‍යනොවන සංවිධාන වෙත භාර දෙයි.

ඇමසන් ගින්න සම්බන්ධයෙන් ප්‍රංශ ජනාධිපතියා නිකුත් කර තිබුණු ට්වීටර් පණිවිඩය :

“ගේ ගිනි ගනිමින් තිබේ…! අපට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණයෙන් 20% ක් නිෂ්පාදනය කරනු ලබන, ලෝකයේ හදවත බදු ඇමසන් වැසි වනාන්තරයට ගිනි ගනිමින් තිබේ. ලෝකයේ බලගතු රාජ්‍යයන් හතේ නායකයිනි, මේ මොහොතේ වැදගත්ම ප්‍රශ්නය මෙය යැයි සලකා, දින දෙකක් තුළ වහාම රැස් වී අපි මේ ගැන කතා කරමු..!”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × three =