ඇමරිකාව අත්හරින්න ගෝඨාට මාසයක්

0
458
- Advertisement -

අගෝස්තු 10 වන දා වන විට ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුදැයි තීන්දු කොට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් වෙත එය දැනුම් දිය යුතු බවත් අපේක්ෂකත්වයට යෝජනා කරන පුද්ගලයා එදින වන විට තමන්ගේ අපේක්ෂකත්වය පිළිබඳ ගැටලූ නිරාකරණය කරගත යුතු බවත් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැුස්වීමේ දී තීන්දුවක් ගෙන ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබා ගැනීමට නම් අගෝස්තු 10 වැනිදා වන විට සිය ඇමෙරිකන් පුරවැසිභාවය ඉවත් කරගත යුතුව තිබේ.

ජූලි 09 වැනිදා විජේරාම මාවතේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ දී ඉහත කී සාකච්ඡුාව පවත්වා ඇති අතර දැනට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා යෝජනා වී තිබෙන චමල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ යන නම් ගැන එහිදී සාකච්ඡුා කර ඇත. එම දෙදෙනාට අමතරව තවත් නම් යෝජනා වූ නමුත්, එම සාකච්ඡුාවටට ඉදිරිපත් වූ අනෙක් පුද්ගල නාම මාධ්‍ය ඉදිරියේ ප‍්‍රකාශ නොකරන බවට එම රැුස්වීමේ දී දැඩි එකඟතාවයක් ඇති කරගත් නිසා ප‍්‍රකාශ කළ නොහැකි බව සාකච්ඡුාවට සහභාගී වූ පක්ෂ නායකයන් පවසා තිබේ.

උපුටා ගැනීම – අනිද්දා පුවත්පත – 2019.07.14

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 + 15 =