ඇමරිකාවෙන් ඊයේ දිනයට පමණක් අළුත් ආසාදිතයන් 50,000 ක්. දැනට මරණ 128,000 ක්.

0
567
- Advertisement -

ඇමරිකාවෙන් ඊයේ දිනයට පමණක් අළුත් ආසාදිතයන් 50,000 ක්.
දැනට මරණ 128,000 ක්.

ඊයේ දිනය තුළ පමණක්, ඇමරිකා එක්සත් ජානපදයෙන්, කොරෝනා වෛරසය ආසාදනය වූ නව ආසාදිතයන් 50,000 ක් වාර්තා වී ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. මෙය, එක් දිනක් තුළ ඇමරිකාවෙන් වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවයි.

මේ වන විට, කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා මියගොස් ඇති ඇමරිකානුවන්ගේ සංඛ්‍යාව, 128,000 කි.

ඊයේ දිනයේ වාර්තා වූ රෝගීන්ගෙන් බහුතරයක් වාර්තා වී ඇත්තේ කැලිෆෝනියා, ටෙක්සාස්, ඇරිසෝනා සහ ෆ්ලෝරිඩා යන ප්‍රාන්තවලිනි. මෙම ප්‍රාන්තවල ඇමරිකාවේ මුළු ජනගහනයෙන් 30% ක් පමණ වාසය කරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × 5 =