ඇමරිකාවෙන් අනතුරු ඇගවීමක්…!

0
664
- Advertisement -

හමුදාපති ධූරය සඳහා ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කිරීම, ලංකාව සහ ඇමරිකාව අතර හමුදා සහයෝගීතාවය සහ ලංකාවේ ඇමරිකානු ආයෝජන සම්බන්ධයෙන් බලපෑ හැකි බව, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරියෙකු විසින් පවසා ඇති බව ඬේලි මිරර් [Daily Mirror] වෙබ් අඩවිය වාර්තා කරයි.

ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව එල්ල වී තිබෙන යුද අපරාධ චෝදනා ඉතා බරපතල බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අදහසයි.

බරපතල යුද අපරාධ චෝදනා එල්ල වී තිබෙන ශවේන්ද්‍ර සිල්වා වැනි නිළධාරියෙකු, හමුදාපති ධූරයට පත් කිරීම, මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් වැඩ සටහන යටතේ ලංකාවට ලබා දීමට නියමිතව තිබුණු ඇමරිකානු ඩොලර් මිලියන 480 ක දීමනාව රටට නොලැබී යාමේ අවදානමක් මතු කරන බවද අදාල නිළධාරියා පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 − 1 =